Please Wait, Page Is Loading...

Echo (2024) TV S01 EP01-05 [Complete]

Echo (2024) TV S01 EP01-05 [Complete]

Jan. 09, 2024
Your rating: 0
7.8 12 12 votes

මේ අරගෙන එන්නේ 2024 වසරේ Marvel එක නිකුත් කරන පළවෙනිම කතා මාලාව. ඒ තමයි ECHO. ගොඩක් වෙලාවට නම අහල ඇති, මොකද පහුගිය දවස් ටිකේ Marvel එක සැහෙන්න ප්‍රමෝට් කරපු කතාවක් තමයි මේ. ECHO කියන්නේ Marvel එකේ සුවිශේෂම TV සීරීස් එකක්. ඒකට හේතු කීපයක් තියෙනවා.

පළවෙනි හේතුව තමයි මේක Marvel එකේ පළවෙනි TV-MA rating එකක් සහිත කතා මාලාව වීම. TV-MA කියන්නේ TV shows වලට දෙන R-rating එකක් කියල හිතාගන්නකෝ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය PG-13 මාවල් කතාමාලාවල දකින්න නොලැබෙන දේවල් මේකෙ දකින්න ලැබේවි. විශේෂයෙන්ම violent fight scenes. මාවල් එකේ street-level එක ගවේෂණය කරන්න හදපු සීරිස් එකක් නිසා වඩා තාත්වික බවක් ගෙන එන්න ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

මාවල් එකේ TV සයිඩ් එක බලාගෙන ගියා නම් දන්නවා ඇතිනේ, සාමාන්‍යයෙන් Disney Plus හරහා මාවල් කතාමාලා නිකුත් වෙන්නේ සතියකට එක එපිසෝඩ් එකක් වශයෙන්. ඒත් මේ සම්ප්‍රදාය වෙනස් කරමින් පහුගිය දෙසැම්බරයේ එක දවසකට එක එපිසෝඩ් එක ගානේ What If…? දෙවෙනි සීසන් එක නිකුත් වුණා. ECHO එක නිකුත් වෙන විදිය මේ දෙකටම වඩා වෙනස්. ECHO එකේ එපිසෝඩ් 5ම අද, ඒ කියන්නේ ලංකාවට ජනවාරි 10 වෙනිදා, නිකුත් වෙන්න නියමිතයි.

තුන්වෙනි හේතුව තමයි මාවල් එකෙන් අලුතින්ම හඳුන්වාදෙන Marvel Spotlight කියන ලේබල් එක. Marvel Spotlight යටතට වර්ගීකරණය වෙන පළවෙනිම කතාමාලාව තමයි ECHO කියන්නේ. මාවල් විශ්වයේ street-level සයිඩ් එක සම්බන්ධ කතාමාලා ඔක්කොම වර්ගීකරණය වෙන්නේ මේ Marvel Spotlight කියන ලේබල් එක යටතෙයි. Marvel Spotlight projects වල අනිත් ෆිල්ම්වල වගේ ලෝකේ විනාශ වෙන තරමේ අවදානම් නැහැ. විශ්වය හෝ මල්ටිවර්ස් එක විනාශ වෙන තරමේ තර්ජනත් නැහැ. පොඩි ප්‍රදේශයකට විතරක් ව්‍යසනකාරී විදියට බලපාන, grounded stories වලට තමයි Marvel Spotlight ලේබල් එක වෙන් කරලා තියෙන්නේ. මේ වගේ විවිධ ලේබල් භාවිතය කොමික්ස් වල ඉස්සර ඉඳන්ම තිබුණ දෙයක්. DC Elseworld ලේබල් එක මේවායින් ජනප්‍රියම එකක්.

රේටින් එකෙන් සහ ස්පොට්ලයිට් ලේබල් එකෙන් මේක හොඳ කතා මාලාවක් වන බවට දැනටම ලකුණු පහළ වෙලා තියෙනවා (හරියටම කියන්න බෑ ඉතින් මොකද තාම මංවත් සම්පූර්ණයෙන්ම කතාව බැලුවෙ නෑ). Marvel ආයතනයේ TV, animation සහ streaming භාර ප්‍රධානියා වන Brad Winderbaum කින්ග්පින්ව විස්තර කරන්නේ “Thanos of the street-level MCU” කියලයි. ඒ කියන්නේ මාවල් සිනමා විශ්වයේ ground level එකේ ඉන්න ප්‍රධානම දුෂ්ටයා තමයි කින්ග්පින්. ආරංචි වෙන විදියට නම් ECHO, Daredevil: Born Again සහ Spider-Man 4 ප්‍රොජෙක්ට්ස් ටික පදනම් වෙලා තියෙන්නේ Daredevil කොමික් එකක් වන Devil’s Reign කොමික් එක මතයි. ඉදිරියේදී බයිස්කෝප් මංසලේ ඒ පිළිබඳ ලිපියක් පළ වේවි. දැනට කෙටියෙන් කිව්වොත් කින්ග්පින්, නගරාධිපති වුණායින් පස්සේ සුපිරිවීරයින්ව නගරෙන් තහනම් කළාට පස්සේ වෙන දේවල් තමයි කොමික් එකේ අඩංගු වෙන්නේ. ඉතින් ඒක එහෙම වුණොත් සුපිරි කතාවක් බලාගන්න පුළුවන් වෙයි.

ECHO

ඔය මදෑ වටේ පිටේ විස්තර කතා කළා. දැන් අපි කතාකරමු කතාවේ ප්‍රධාන චරිතය ගැන. ඒ තමයි එකෝ. Echo කියලා ප්‍රසිද්ධ වුණාට මෙයාගේ ඇත්ත නම “මායා ලෝපෙස්”. මෙයාව මාවල් විශ්වයට මුලින්ම හඳුන්වා දෙන්නේ 1999 අවුරුද්දේ. ඒ, Daredevil #9 කොමික් කලාපය තුළිනුයි. ඊටපස්සේ 2005 වසරේ New Avengers #11 තුළින් එයාව Ronin නමින් හඳුන්වලා දුන්නා. එකෝ කියන්නේ Daredevil ගේ පරම හතුරා වන Kingpin විසින් හදාගන්න ගත්ත දුව. ඒවගේම එයා මාවල් විශ්වයේ බිහිරි චරිත කිහිපදෙනා අතරින් කෙනෙක්. ඒත් එහෙම කියලා ඈව අවතක්සේරු කරන්න නරකයි.

මාවල් සිනමා විශ්වයට හෙවත් MCU එකට මුලින්ම මෙයාව හඳුන්වලා දෙන්නේ 2021 වසරේ Disney Plus හරහා නිකුත්වුණු Hawkeye කතා මාලාවෙනුයි. ඒකෙ හිටපු ට්‍රැක්සූට් මාෆියා එකේ ප්‍රධානියා විදියට හිටියේ මෙයා නේ. එතකොටත් මෙයා වැඩ කළේ කින්ග්පින් ටයි. අන්තිමේදී මෙයා කින්ග්පින්ට එරෙහිව ගිහින් එයාගේ මූණට තුවක්කුවක් එල්ල කරනවා. එතනදී අපට විශ්වාස කරන්න සලස්වන්නේ මායා, කින්ග්පින්ව මැරුවා කියලයි. ඒත් කින්ග්පින් වගේ චරිතයක් එච්චර ලේසියෙන් ඉවරයක් කරලා දාවි කියලා හිතන්න අමාරුයි. ඉතින් එතැනින් පස්සේ සිද්ධ වෙන දේවල් සහ මායාගේ අතීතය මොන වගේද කියලා මේ කතාමාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් වේවි.

පූර්ව ප්‍රචාරක පටවල පෙන්නුවා වගේ කතාවේ ඩෙයාඩෙවිල් ත් ඉන්නවා. මේ වගේ කතාවක ඉතින් එයා නොහිටියොත් පුදුමයක්. ආරංචි හැටියට නම් ඩෙයාඩෙවිල්ගේ සුපිරි, one take එකක් විදියට පටිගත කරපු සටන් ජවනිකාවකුත් තියෙනවලු. කොහොම නමුත්, අවුරුදු 9කට පස්සේ Charlie Cox ගේ Daredevil ව සහ Vincent D’Onofrio ගේ Kingpin ව එකම තිරයේ ආපහු දකින්න ලැබෙන එක මං හිතන්නේ මාවල් රසිකයන් හැමෝටම සතුටුදායක අත්දැකීමක් වේවි. මට නම් ඉවසිල්ලක් නෑ ඉතුරු ටික බලනකල්.

එහෙනම්, එපිසෝඩ් එක බලලමු ඉමු නේද?

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-05 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 6.734 47 votes
First air date Jan. 09, 2024
Last air date Jan. 09, 2024
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Jan. 09, 2024

Creator

Creator

Cast

Alaqua Cox isMaya Lopez
Maya Lopez
Chaske Spencer isHenry 'Black Crow' Lopez
Henry 'Black Crow' Lopez
Tantoo Cardinal isChula Battiest
Chula Battiest
Vincent D'Onofrio isWilson Fisk / Kingpin
Wilson Fisk / Kingpin

Video trailer

Similar titles

Presumed Innocent (2024) TV Series | Season 01 | Complete
The Rig (2023) TV Series | S01 Complete
Marvel’s The Defenders (2017) TV Series | Complete Season 01
Twinkling Watermelon (2023) TV Season 01 Complete
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Marvel Studios: Legends Complete Season 01 With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taxi Driver (2021) Complete TV Series With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vigilante (2023) TV S01 Complete
Your Friendly Neighborhood Spider-Man (2024) TV Series |  Season 01 | EP01-05 | Incomplete
What If…?  S01 -03 Complete
Pachinko (2022) TV | Season 01 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published