Please Wait, Page Is Loading...

Gyeongseong Creature (2023) TV S01 EP01 – 10  [Complete]

Gyeongseong Creature (2023) TV S01 EP01 – 10 [Complete]

Dec. 22, 2023
Your rating: 0
8.9 8 votes

ඔන්න එහෙනම් අලුත්ම සීරීස් එකකට උපසිරැසි අරගෙන තමයි අද ආවේ. GYEONGSEONG CREATURE කියන මේ Netflix Original සීරීස් එක Action, Thriller, Historical, Sci-Fi කියන ගනයන්ට අයිති වෙනවා. අධ්‍යක්ෂණය Jang Dong Yoon විසිනුත්, තිර රචනය Kang Eun Kyung විසිනුත් සිදු කර තිබෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ Season 2 මේ වෙද්දිත් නෙට්ෆ්ලික්ස් විසින් තහවුරු කරලා තියෙනවා. පළවෙනි සීසන් එක පාර්ට් දෙකක් විදියට තමා රිලීස් වෙන්නේ. ඉතින් පළවෙනි පාර්ට් එක පහුගිය දෙසැම්බර් 25 වෙනිදා රිලීස් වුනා. දෙවෙනි පාර්ට් එක රිලීස් වෙන්නේ 2024 ජනවාරි 05 වෙනිදා. පළවෙනි පාර්ට් එක එපිසෝඩ් 07ක්ද, දෙවෙනි පාර්ට් එකේ එපිසෝඩ් 03ක්ද සමන්විතයි. ඉතින් පළවෙනි සීසන් එකේ මුළු එපිසෝඩ් ගාණ 10යි. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යං. මේකට සබ් කරන්න ලොකුම හේතුවක් තමා කාස්ට් එක.

CAST – රංගන දායකත්වය

Park Seo Joon – ජන්ග් ටේ සන්ග්
Han So Hee – යුන් චේ ඔක්

Claudia Kim – යුකිකෝ මයෙදා
Kim Hae Sook – නා වොල් දෙක්
Jo Han Chul – යුන් ජොන්ග් වොන්
Wi Ha Joon – ක්වොන් ජුන් ටෙක්
Choi Young Joon – ලුතිනන් කර්නල් කටෝ
Hyun Bong Sik – ඉචිරෝ
Park Ji Hwan – ගු ගප් ප්යොන්ග්

SUMMARY – සාරාංශය

Behold, the powers of destiny. Beware, the powers of karma.

“දෛවයේ බලමහිමය දැක, කර්මයේ බලමහිමයෙන් ප්‍රවේසම් වනු”

කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් කතාවට පාදක වෙච්ච පසුබිම පැහැදිලි කරලා ඉන්නම්. Unit 731 සිදුවීම ගැන දන්නවද? දෙවෙනි ලෝක යුද්ධෙ කාලේ ජපානය යුද්ධය ජයග්‍රහණය කරන්න නොකරපු දෙයක් නෑනේ. ඔන්න අය අතරේ ජෛව අවි නිර්මාණය සහ මානව අත්හදා බැලීම් ප්‍රධානයි. ජපන් අධිරාජ්‍ය හමුදාවේ ජීව විද්‍යාත්මක හා රසායනික යුධ පර්යේෂණ සහ සවර්ධන ඒකකවල තමා ඔය සේරම කරලා තියෙන්නේ. ඔතනින් එක ඒකකයක් තමා Unit 731. ඕක පිහිටුවලා තිබ්බේ හාර්බින්වල පින්ග්ෆන්ග් දිස්ත්‍රික්කයේ (වර්තමාන ඊසානදිග චීනය). තව මේකේ ශාඛා චීනයේ වගේම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත වෙලා තිබුනයි කියලා සදහන් වෙනවා. මේ මානව අත්හදා බැලීම් නිසා මිනිසුන් 200,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් මිය ගියයි කියලා සදහන් වෙනවා. මෙන්න මේ සිදුවීම පසුබිම් කරගෙන නිර්මාණය කරපු ප්‍රබන්ධ කතාවක් තමා මේක. Gyeongseong Creature

එහෙනම් දැන් කතාව පැත්තට යං. කතාව පටන් ගන්නේ ජපන් හමුදාව මානව අත්හදා බැලීම් කරපු ඊසානදිග චීනයේ පර්යේෂණාගාරයක් විනාශ කරලා වෙන තැනකට හුවමාරු වෙනවා. ඒ ග්යොන්ග්සොන්ග් (පැරණි සෝල්) වලට. මෙන්න මේ ග්යොන්ග්සොන්ග්වල ඉන්න කැපී පෙනෙන ධනවතෙක් තමා ජන්ග් ටේ සන්ග් කියන්නේ. දවසක් ජන්ග් ටේ සන්ග්ට පොලිස් කොමසාරිස්ගේ බල කිරීමට අතුරුදහන් වෙච්ච කෙනෙක්ව හොයාගන්න වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච කෙනා ඉන්නේ ජපන් හමුදාව ග්යොන්ග්සොන්ග්වල පිහිටුවපු මානව අත් හදා බැලීම් පර්යේෂණාගාරයේ. ඉතින් ජන්ග් ටේ සන්ග්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද? මේ මානව අත්හදා බැලීම්වල ප්‍රතිඵලය මොකක් වෙයිද? ඒවට උත්තර දැනගන්න අනිවාරෙන් GYEONGSEONG CREATURE නරඹන්න කියලා ආරාධනා කරනවා.

📌 Episode Info Season 01 (Complete) ⌛️
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.343 35 votes
First air date Dec. 22, 2023
Last air date Dec. 22, 2023

📌 Seasons and Episodes

1Season 1 Dec. 22, 2023

Creator

Cast

Park Seo-jun isJang Tae-sang
Jang Tae-sang
Han So-hee isYoon Chae-ok
Yoon Chae-ok

Video trailer

Similar titles

Summer Strike (2022) TV S01 Complete
The Wheel of Time (2021) Season 01 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ Direct & Telegram Download  180p / 720p/ 480p
Cyberpunk: Edgerunners (2022) TV | Season 01 | With Sinhala Subtitles
Doona! (2023) TV Season 01 Complete
Avatar: The Last Airbender (2024) TV S01 Complete
ONE PIECE (2023) TV Series | S01 Complete
Moon Knight (2022) TV Series Season 01 Complete | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
The Innocent (2021) TV Series Season 01 Complete
Duty After School (2023) TV Season 01 | 01-10 Complete
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
The Witch’s Diner (2021) TV Series Complete Season 01

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published