Cast
Go Full Cast Page1892 වසරේදී ඇමෙරිකාවේ ෆෝල් රිවර් (Fall River) නගරයේ සිදුවූ, අදටත් ලෝක අපරාධ ඉතිහාසයේ ලොකුම අබිරහසක් ලෙස සැලකෙන ලිසී බෝර්ඩන් (Lizzie Borden) ගේ සත්‍ය කතාව ඇසුරින් තමයි මේ කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ.
වික්ටෝරියානු යුගයේ තද නීති, මානසික හිංසනය සහ පීඩනය පිරුණු පවුල් පරිසරයක ජීවත් වන ලිසී බෝර්ඩන් නැමැති යෞවනියට ඇගේ පියා සහ සුළු මවගෙන් විඳින්නට සිදුවන පීඩාව සුළුපටු නැහැ. මේ අතරතුර ඔවුන්ගේ නිවසට පැමිණෙන අලුත් සේවිකාව වන මැගී (Maggie) සමඟ ලිසී සමීප සබඳතාවක් ගොඩනඟා ගන්නවා.
වසර ගණනාවක් තිස්සේ සිත තුළ තද කරගෙන සිටි කෝපය, වෛරය සහ පීඩනය කෙළවර වන්නේ මුළු ඇමෙරිකාවම තිගැස්මකට ලක් කළ දරුණු පොරෝ ප්‍රහාරයකින් ඇගේ පියා සහ සුළු මව ඝාතනය වෙන එකෙන්
ඇත්තටම තමන්ගේ දෙමාපියන්ව ඒ තරම් අමානුෂික විදියට ඝාතනය කළේ ලිසීමද?
සාක්ෂි මදිවීම නිසා අධිකරණය හමුවේ සිදුවන්නේ මොකක්ද ?
මේ ඝාතනය පිටුපස තියෙන ඇත්තම අබිරහස මොකක්ද?



















