
Please Wait, Page Is Loading...
ඉස්කෝලෙ යන කාලෙ Baek Su-Jeong ( Moon Ga-Young) සහ එයාට Online game එකක් හරහා හම්බෙන black dragon කියන අන්වර්ත නාමයෙන් පෙනී ඉන්න Ban Joo-Yeon ( Choi Hyun-Wook ) දෙන්න අතරෙ crush එකක් ඇතිවෙලා මේ දෙන්නා ඇත්ත ජීවිතේ හම්බුනාම Joo-Yeon එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරත් එයාව දැක්කට පස්සෙ Su Jeong අකමැති වෙනවා.
පස්සෙ මේ දෙන්නා අවුරුදු 16 කින් ආයෙම වැඩ කරන ඔෆිස් එකේදි මුනගැහෙනවා. ඔෆිස් එකේ Su Jeong කණ්ඩායම් නායක කෙනෙකුත්, Joo Yeon ඒ කණ්ඩායම් අධ්‍යක්ෂක විදියටත් වැඩ කරනවා
ඉතිං මේ දෙන්නා ආයෙ හම්බුනාම පරණ දේවල් නිසා ප්‍රශ්න ඇතිවෙයිද? එහෙමත් නැත්නම් ඒ දෙන්නා අතරෙ ආදර සම්බන්ධයක් ඇති වෙයිද?
නළු නිලියන් ගැන කිව්වොත් ප්‍රධාන නිළිය වෙන Moon Ga-Young හැමෝම දන්නෙ True beauty drama එකේ Ju-Kyung විදියට. මේ drama එකත් true beauty වගේම kdrama fansලා අතරෙ trending වීගෙන යනවා. ප්‍රධාන නලුවා වෙන Choi Hyun- Wook ව Twinkling watermelon, Twenty five twenty one වගේ dramas වල හම්බෙනවා