Please Wait, Page Is Loading...

Solo Leveling (2024) TV S01 EP01-12 [Complete]

Solo Leveling (2024) TV S01 EP01-12 [Complete]

Jan. 07, 2024
Your rating: 10
9.3 22 votes

ඇනිමෙ රසිකයො හැමෝටම සුභ නව වසරක් වේවායි කියල පතාගෙන යන ගමන් මේ අරන් එන්නේ 2024 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, වසරේ ආරම්භක Most Hype ඇනිමෙ සීරීස් එකේ සිංහල උපසිරැසි මාලාවයි. 2023 වසරේ අවසානය Jujutsu Kaisen Season 2 එක Most Hype ඇනිමෙ සීරීස් එකක් විදිහටම අවසන් වුනා. Jujutsu Kaisen Season 2 හි සිංහල උපසිරැසිවලට අදහස් දක්වපු හැමෝටම හදපිරි ස්තූතිය පිරිනමනවා. 2023 Fall Season එක ඒ විදිහට අවසන් වෙද්දි, 2024 Winter Season එකේ නිකුත් වෙන ඇනිමෙ බහුතරය අතරේ එක නමක් ගැන ඇනිමෙ රසිකයො බොහෝ ඉහළින් බලාපොරොත්තු තියා ගත්තා. ඇත්තටම මුළු ලෝකෙම ඇනිමෙ රසිකයො ඒ බලාපොරොත්තු තියාගත්තායි කියල කිව්වොත් මං හිතන්නෙ මං වැරදි නෑ. ඒ වගේම ඒක Watching Community එකට අලුත් නමක් වෙද්දි ඒක Reading Community එකට නම් අලුත් නමක් වුනේ නෑ. ඒ නම තමයි “Solo Leveling”.

මේ Solo Leveling කාරණා කිහිපයක් නිසා විශේෂයි. පළවෙනි කාරණාව තමයි මේ Solo Leveling ඇනිමෙ එක Chugong කියන කර්තෘගේ Volumes 14 කින් සමන්විත Solo Leveling කියන කොරියානු Web Novel එකේ anime adaptation එක වීම. ඒ විදිහට Solo Leveling web novel එක තමයි මේ ඇනිමෙ එකට මූලාශ්‍ර වෙන්නෙ. Action, Adventure, Fantasy කියන Genre වලට අයත් වෙන මේ Solo Leveling Season 1 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස් 12 ක් නිකුත් වෙනවා. ඒ වගේම සීරීස් එක R – 17+ (violance & profanity) යටතේ rate වෙලා තියෙනවා. මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි My Anime List හි 8.44 ක අගයක් ලබා ගනිමින් Top Anime අතර 159 වන ස්ථානයේ Solo Leveling රැඳෙනවා.

 

Solo Leveling Web Novel Cover Vol.1

මේ Solo Leveling ඇනිමෙ එකේ animation production එක කරන්නෙ A-1 Pictures ස්ටූඩියෝ එක. මේ ස්ටූඩියෝ එක කරපු ඇනිමෙ අතරේ 86, Darling in the Franxx, Sword Art Online, The Seven Deadly Sins, Kaguya-Sama:Love is War  කියන ඇනිමෙ විශාල සාර්තකත්වයක් වගේම ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඒ කියන්නෙ මේ Solo Leveling එකත් ඒ වගේම තැනක් ලබා ගනීවි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. අනිත් කාරණාව තමයි මේ කතාවේ Music. ඒකත් භාරව ඉන්නෙ අපි හොඳින්ම දන්න Legendary music composer කෙනෙක්. ඒ තමයි Hiroyuki Sawano. Sawano කිව්වම මතක් වෙන්නෙ Attack on Titan ඇනිමෙ එකේ Legendary Themes ටික හදපු කෙනා විදිහටනෙ. ඔන්න ඒ Sawano මේ Solo Leveling ඇනිමෙ එකේ Music භාරව කටයුතු කරනවා. සීරීස් එකේ Opening Theme එක වෙන “LEveL” ගීතය TOMORROW X TOGETHER කණ්ඩායම perform කරනු ලබනවා. Ending Theme එක වෙන “request” ගීතය krage විසින් perform කරනු ලබනවා.

 

Hiroyuki Sawano සහ TOMORROW X TOGETHER

මේකෙ කියන්න තියෙන අනිත් විශේෂ කාරණාව තමයි web novel එකේ දකින්න ලැබෙන කොරියානු නම් ඒ විදිහටම මේ ඇනිමෙ එකටත් යොදාගෙන තියෙන එක. දැන් යමු කතා පසුබිම පැත්තට… අවුරුදු දහයකට කලින් සැබෑ ලෝකයත් වෙනත් මානයකුත් යා කරල අද්භූත දොරටු කිහිපයක් ලෝකෙ පුරා විවෘත වෙනවා. මේ දොරටු වලට එපිටින් ඉන්නෙ සාමාන්‍ය ආයුධ වලින් පරද්දන්න බැරි සත්ව විශේෂ. ඒ සත්ව විශේෂයන් පරද්දන්න තරමේ හැකියාවන් ගොඩ නගාගත්තු අය පස්සෙ බිහි වුනා. ඒ අය තමයි හන්ටර් ලා. ඒ හන්ටර් ලා එයාලගෙ බලයන් හැකියාවන් අනුව S, A, B, C, D සහ E කියල නිලයන් වලට බෙදල තිබුනා. ඒ අනුව මෙතන බලවත්ම අය තමයි S නිලයේ අය. බලයෙන් අඩුම අය තමයි E නිලයේ අය.

මේ හන්ටර් ලා අර දොරටු හරහා ගිහින් අර සත්තුන්ව විනාශ කරල දොරවල් වහනවා. මෙයාලට මේ ගමනෙදි සල්ලි හොයන්න ක්‍රමත් හම්බ වෙනවා. “සන්ග් ජින්වූ” කියන්නෙ මේ වැඩේ කරන්න එන E නිලයේ හන්ටර් කෙනෙක්. ඉතින් මේ සන්ග් ජින්වූ මේ එක දොරක් හරහා ගිහින් තමන්ගෙ කණ්ඩායමත් එක්ක අර සත්තුන්ව පරද්දලා සල්ලි ටිකක් හොයන්න ‍එකතු වෙනවා. ඒ ගමනේ අවසාන හරියෙදි මේ කණ්ඩායමට දෙවොලක් වගේ තැනක් හම්බ වෙනවා. එක එක විදිහෙ ලොකු පිළිමවලින් පිරුණු මේ දෙවොලේ තිබිලා පුරාණ ලිපියක් හම්බ වෙනවා. අන්න එතනදි තමයි සන්ග් ජින්වූගේ වගේම කණ්ඩායමේ අනිත් අයගෙත් ජීවිතයේ වඩාත් බිය ජනකම මොහොත උදා වෙන්නෙ. ඉතින් මෙතනින් එහාට කතාව මම කියන්නෙ නෑ. වෙන්නෙ මොකක්ද කියල නරඹලම හොයාගන්න එක ඔයාට භාරයි.

 

📌 Episode Info Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
📌 TMDb Rating 8.8 22 votes
First air date Jan. 07, 2024
Last air date Jan. 07, 2024

📌 Seasons and Episodes

1Season 1 Jan. 07, 2024

Creator

Creator

Cast

Taito Ban isSung Jinwoo (voice)
Sung Jinwoo (voice)
Genta Nakamura isYoo Jinho (voice)
Yoo Jinho (voice)
Haruna Mikawa isSung Jin-ah (voice)
Sung Jin-ah (voice)
Reina Ueda isCha Hae-In (voice)
Cha Hae-In (voice)
Daisuke Hirakawa isChoi Jong-In (voice)
Choi Jong-In (voice)
Hiroki Touchi isBaek Yoonho (voice)
Baek Yoonho (voice)
Banjo Ginga isGo Gunhee (voice)
Go Gunhee (voice)
Makoto Furukawa isWoo Jinchui (voice)
Woo Jinchui (voice)

Video trailer

Similar titles

The Wheel of Time (2021) Season 01 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ Direct & Telegram Download  180p / 720p/ 480p
The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Arcane (2021) Complete Season 01 | Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Falcon and the Winter Soldier (2021) Complete Season 01
Bad and Crazy TV Series (2022) With Sinhala Subtitles  | Season 01 Complete
Record of Ragnarok (2023) TV Season 01 & 02  Part 01 & Part 02 Complete
Willow (2022) TV | Season 01 |  With Sinhala Subtitles
Classroom of the Elite (2017) Season 01 | With  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Money Heist: Korea – Joint Economic Area (TV Series 2022) Complete Season 01
E03E08 See (2022) Complete Season 01 & 02 & 03 Complete With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pettaikaali (2022) TV Series Season 01 Complete
The Village (2023) S01 Complete

(6) comments

  • Sanju January 23, 2024 Reply

    Good job

  • Nipun Dilshan February 1, 2024 Reply

    සුපිරියක් තමා

  • Tharaka March 12, 2024 Reply

    Episode 8 9 release වෙලා තියෙන්නෙ ඒක දානකන් බලන් ඉන්නෙ 🥺

  • Sethuka March 30, 2024 Reply

    ඉතීරැ ටික නැද්ද? දානකන් ඉන්නේ🙂🙂

  • Sethuka June 3, 2024 Reply

    sesaon 2 නැද්ද🙄🙄

  • Sethuka June 16, 2024 Reply

    sasaon 2 නැද්ද

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published