Crime, Science fiction ගණයට වැටෙන IMDb අගය 6ක් වන ලස්සනම ලස්සන කතාවක්. කතාවේ නම තමයි I-Boy.
මේ කතාව ගෙතෙන්නෙ ඉස්කෝලේ යන ටොම් (Bill Milner) කියන පිරිමි ළමයා වටායි. ටොම් ජීවත් වෙන්නේ එයාගෙ අත්තම්මා (Miranda Richardson) එක්ක. ටොම් පංතියේ එතරම්ම දක්ෂ ළමයෙක් නෙමෙයි. ඒත් එයා ආදරේ කරන ලුසී කියන ගෑණු ළමයා (Maisie Williams) ඉස්කෝලේ යන්න, පාඩම් වැඩ කරන්න එයාට වඩා කැමතියි.
දවසක් ටොම් ලුසීව බලන්න එයාගෙ ගෙදර යනවා. ඒ යනකොට ලුසීගෙ සහෝදරයයි ලුසීයි ලොකු කරදරයක වැටිලා ඉන්නේ. එයාලට කරදර කරන්න එන්නේ එයාලගෙම පංතියේ පිරිමි ළමයින් ටිකක්.
මේ ගැන්සිය ටොම්ව දැක්කම ටොම් පස්සෙන් එලවන් ගිහින් ටොම්ට වෙඩි තියනවා. වෙඩි වදින්න කලින් හදිසි කෝල් එකක් ගන්න උත්සහ කරපු ටොම්ට වෙඩි වැදීමත් එක්කම එයාගෙ ෆෝන් එකේ චිප්ස් කෑලි වගයක් කණ ඇතුළින් එයාගෙ මොළයට යනවා. ටොම් සනීප වෙන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට නෙමෙයි. අසාමාන්‍ය හැකියාවන් තියන කෙනෙක් විදිහට.
මේ හැකියාවන් පාවිච්චි කරලා ටොම් එයාටයි ලුසීටයි කරදර කරපු අය සහ එයාලගේ ලොක්කන් ගැන තොරතුරු හොයනවා. ඒ තොරතුරු හොයන්නේ තමන්ගේ මොළයෙන් වැරදි කාරයන්ගේ ෆෝන්, කම්පියුටර් හැක් කරලා. ඒ වගේම ටොම් හතුරන්ගේ බැංකු ගිණුම් හැක් කරලා ලොකු සුද්දයකුත් දෙනවා. මේ ඔක්කොම ටොම් කරන්නේ I-Boy කියන අන්වර්ථ නාමය පාවිච්චි කරලයි.
එක දිගට වෙන කරදර වලින් මිදෙන්න ටොම් ගෙ ලොකුම හතුරා වෙන එල්මන් (Rory Kinnear) නොගන්න උත්සහයක් නෑ. එල්මන් ටොම්ව අල්ලාගෙන එයාගෙ හොර වැඩ වලට පාවිච්චි කරන්න හදනවා. ඒක හරියයි ද? ටොම්ටයි ලුසීටයි කරදර කරපු පංතියේ යාළුවන්ට මොකද උනේ? නගරයේ මිනිස්සු I-Boy කියන චරිතයට කැමති ද? කතාව බැලුවම ඔයාලට මේ දේවල් ගැන දැනගන්න පුළුවන්.
මේ චිත්‍රපටය Netflix කියන ඇමරිකානු සමාගමේ නිපැයුමක්. කතාව අධ්‍යක්ෂණය කලේ Adam Randall කියලා කෙනෙක්.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip SD 480p | 350 MB | English | |
WEBRip HD 720p | 700 MB | English | |
FHD WEBRip 1080p | 1.3 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip SD 480p | 350 MB | English | |
WEBRip HD 720p | 700 MB | English | |
FHD WEBRip 1080p | 1.3 GB | English |
Tmx