අරගෙන ආවේ ඕස්ට්‍රේලියානු සිනමා සිත්තමක් වන ” Rabbit Proof Fence ” සිනමාපටය.මේ චිත්‍රපටය සමහරවිට දැනටමත් ඔයාලා නරඹලා තියෙන්නත් පුළුවන්.ඒත් නොබලපු කෙනෙක් ඉන්නවනම් මේ වටිනා සිනමා සිත්තම නොවරදවාම නරඹන්න කියලා මම කියනවා.මොකද මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ අර්ධ – ස්වදේශිය දැරියන් තිදෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධවෙන බොහොම අනුවේදනීය වූ සත්‍ය කතාවක්.ඔයාලට මේ ගැන තව දුරටත් පැහැදිලිව විස්තර දැන ගන්න ඕනෙනම් මම මේ පහලින් දාන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන හොද ලිපියක් කියවන්න පුළුවන්.
( ඒවගේම කියන්න ඕනා මේ ලිපියෙන් කතාව Spoil වෙන්න පුළුවන්.ඒක නිසා සිනමාපටය බලලා ඉවර වෙලාම මේ ලිපිය කියවනවනම් වටිනවා.)
හොදයි මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ 1996 දී Doris Pilkington මහත්මිය විසින් රචනා කරන ලද ” Follow the Rabbit Proof Fence ” කෘතියයි. ඒ වගේම මම මුලින් කියුවනේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුන කථාවක් කියලා. ඉතිං ඒ නිසාම කියන්න ඕන තවත් විශේෂ කාරණාවක් තමා මේ කෘතිය රචනා කරපු Doris Pilkington මහත්මියගේ මව තමා Molly Craig කියන්නෙ. ඉතිං Doris මහත්මියගේ මව කුඩා කාලයේ මුහුණ දුන් සත්‍ය සිදුවීම තමා ඇය මේ විදියට නවකතාවක් විදියට රචනා කරන්නෙ. ඉතිං ඒ අපූරු පොත පාදක කරගෙන 2002 වසරේදී ඕස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Phillip Noyce මහතා විසින් ” Rabbit Proof Fence ” නම් වූ මේ සුවිශිෂ්ට නිර්මාණය සිනමාවට නගනවා.ඒ ඕස්ට්‍රේලියානු අර්ධ – ස්වදේශීය ළමුන් තිදෙනෙක්වම මෙහි ප්‍රධාන රංගනය සදහා දායක කරගනිමින්.එමෙන්ම සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.4 / 10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 88 % කුත් ලබාගෙන ඇති මෙම සිනමාපටය සම්මාන ගණනාවකටම නිර්දේශ වන්නටත් ඉන් සම්මාන කීපයක්ම දිනා ගන්නටත් සමත්කම් දැක්වූවක්.
හරි, මේ සිනමාපටය ගැන කියනවනම් කියන්න බොහෝ දේවල් තියෙනවා.ඒත් ඒ හුඟක් කරුණු ඉහත මම දුන්නු ලින්ක් එක හරහා ගියොත් ඔයාලට සිංහලෙන්ම කියවන්න පුළුවන්.ඉතිං එතනම කතාව ගැනත් පොඩි විස්තරයක් කරලා තියෙන නිසා මම කතාව ගැන හැදින්වීමක් මේ පාරත් කරන්නෙ නෑ.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 500 MB | English | |
BluRay 720p | 1 GB | English | |
BluRay 1080p | 2 GB | English |