Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3729 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.9 17 17 votes
Aug. 11, 2006India193 Min.

Kabhi Alvida Naa Kehna (2006) | කිසිදා ‘වෙන් වෙමු’ කියනු එපා.

“කවදාවත් ‘අපි වෙන් වෙමු’ කියලා කියන්න එපා. එහෙම කියනකොට නැවත හමු වීමේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. කවුද දන්නෙ? ඔබ අප නැවත මුණ ගැසෙයි”

එහෙම කියන්නෙ මම නෙමෙයි, ‘මායා’. ඇය එහෙම කියන්නෙ, ඇගේ විවාහ උත්සවය දවසේ මුණ ගැසුණු නන් නාඳුනන පුද්ගලයෙක්ට. ඔහුගේ නම ‘දේව්’. ඒ දිනය ඔවුන් දෙදෙනාගේම ජීවිත වල විශාල පෙරළියක් සිද්ධවෙන දවසක්. දේව් කියන්නෙ, පාපන්දු ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩකයෙක්. තම පාපන්දු ජීවිතයේ ඉහළටම යන්න ඉන්න කෙනෙක්. නමුත් එදා මායාගේ හමු වීමෙන් පස්සෙ පෙර කියූ පෙරළිය සිදුවෙන්නේ ඔහුට ඉතාමත් නරක විදිහට, ඔහු අනතුරකට පත් වෙනවා. එදාට වසර හතරකට පසු, ඇය පැවසූ ආකාරයටම ඔවුන් නැවත මුණ ගැහෙනවා.

ඒ තමන් ගැන පුද්ගලිකවම කලකිරුණු, තමන්ගේ විවාහයේ අසාර්ථකත්වයට ගමන් කරන දෙදෙනෙක් විදිහටයි. මායා ගේ සැමියා ‘රිශී’ ඇයට ඉතාමත් ආදරෙයි. නමුත් ඇය ඒ බව තේරුම් ගන්නෑ… ‘දේව්’ ගේ බිරිඳ ‘රියා’ තම රැකියාවෙ ඉහළම තැනක ඉන්න කාන්තාවක්. ඇය රැකියාව නිසා ඉතාමත් කාර්ය බහුලයි, තමන්ගෙ දරුවා වෙනුවෙන් වුණත් ඇයට ලැබෙන්න සීමිත කාලයක්. දේව් තම අනතුරින් පසු, පාදයේ ආබාධයක්
සහිත කෙනෙක් බවට පත් වෙනවා, පා පන්දු ක්‍රීඩාවෙන් සමු ගන්න වෙනවා. මේ අසාර්ථකත්වයෙන් පසු ඔහු ඉතාමත් කෝප සහගත පුද්ගලයෙක් වෙනවා. තමන්ගේ පුංචි පුතාටත් නපුරු විදිහටයි සලකන්නෙ. මේ පවුල් දෙක තුළ ඇති දුරස් බව නැති කරන්න, මායා ගේ සැමියාගෙ පියා සහ දේව් ගේ මව උත්සාහ කරනවා. ඔවුන් මායා ගේ සැමියාත්, දේව් ගේ බිරිඳත් එකිනෙකාට විවෘත වීමට සලස්වා ගැටලුව විසඳීමට උත්සාහ කරනවා. නමුත් ඊට පෙර වෙනත් දෙදෙනෙක් එකිනෙකාට විවෘත වෙනවා… ඒ තමයි ‘දේව්’ සහ ‘මායා’. තමන් දෙදෙනාම පත්ව ඇත්තේ එකම තත්වයට බව වටහා ගත් ඔවුන් දෙදෙනා, උත්සාහ කරන්නේ තමන් දෙදෙනා ගේ වැරදු හඳූනාගෙන, තමන්ගේ සහ කරුවන්ට ආදරණීය වෙන්නයි. නමුත් නොසිතූ අයුරින් ඔවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා..

“අප ගන්නා සමහර තීරණ වලින් තවත් කිහිප දෙනෙක් අසරණ වෙනවා… තීරණ ගන්න සුදුසු අවස්ථාවල නොගෙන, පසු අවස්ථාවල ඒ තීරණ ගත්තහම එහෙම වෙනවා. විවාහ වන විට හිතා බැලිය යුතු දෙයක් තමා, ඒ කෙනා තමා සමග ජීවිතේ ගත කරන්න සුදුසුම
කෙනාද කියලා. විවාහ වුණාට පස්සෙ ඒ ගැන හිතලා බලන්න ගියොත් තමයි මෙහෙම වෙන්නෙ “

මේ සිනමා සිත්තම තෝරගන්න ප්‍රධානතම හේතුව තමයි මෙහි අධ්‍යක්ෂක වරයා ‘Karan johar’ වීම. මොකද මං බලපු ලස්සනම හින්දි සිනමා කෘති වල karan johar ගෑවිලා හරි ඉන්නවා. මේ කථාවත් ඔහුගෙන්මයි. නිෂ්පාදනය ‘yash johar’ විසින්. තව ‘farah khan’ ද දායක වෙලා තියනවා. බොහෝ සිනමා කෘති වල ඇගේ දායකත්වය විශිෂ්ටයි. මේ සිනමා සිත්තමේ ඉතාමත් ලස්සන ගීත් ඇතුළත් වෙනවා, එහි ගී පද වැල් javed akhtar විසින් ලියලා තියෙන්නෙ. ඒ වගේම සංගීතය shankar ehsaan loy විසින්. මෙන්න එහෙනම් චරිත නිරූපණය… ‘රිශී’ විදිහට Abhishek bhachchan රඟ දක්වනවා, ඔහුගේ පියා ‘සෑම්’ ගේ චරිතය ඉදිරිපත් කරන්නේ සැබෑ ජීවිතයේත් ඔහුගේ පියා වන ‘Amithab bhachchan’
විසින්. රියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ‘Preity zinta’ විසින්. මායාගේ චරිතය ‘ Rani mukerji’ විසින් ඉදිරිපත් කරන අතර ‘දේව් සරන්’ විදිහට ‘Shah rukh khan’ විසින් චරිතය සජීවී කරනවා. එක් ගීතයකට සුරූපී නිළි ‘Kajal’ දායක වෙනවා. තවත් ගීතයකට John abraham දායක වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සිනමා කෘතිය ලස්සන නිර්මාණයක් කියලා විතරයි.

Subtiltes By

නාමික සඳරුවන්

(Baiscopelk)

IMDb Rating 6 20,499 votes
Kabhi Alvida Naa Kehna (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Karan Johar
Director

Cast

Rani Mukerji isMaya Talwar
Maya Talwar
Preity Zinta isRiya Saran
Riya Saran
Abhishek Bachchan isRishi Talwar
Rishi Talwar
Amitabh Bachchan isSamarjit 'Sam' Talwar
Samarjit 'Sam' Talwar
John Abraham isGuest Appearance
Guest Appearance
Kirron Kher isKamaljeet Saran
Kamaljeet Saran
Ahsaas Channa isArjun Saran
Arjun Saran
Kajol isPiano dancer (uncredited--special appearance)
Piano dancer (uncredited--special appearance)

Similar titles

Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Noryang: Deadly Sea (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maan Karate (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Walking Against the Rain (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emergency Declaration (2022) Sinhala Subtitles
Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published