Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1603 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 0 [With Ads]
My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.1 7 7 votes
Oct. 03, 2003Thailand108 Min.

My Girl (2003) | මගේ 2 වසරේ කෙල්ල

මේක 2003 වසරේ තිරගත වෙච්ච Romance/Comedy ගණයට අයත් වෙන එහෙමත් නැත්තම් coming-of-age romantic ‍ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 51ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටිය IMDB දර්ශකයේ 8ක් වැනි ඇති විශාල අගයක් ලබා ගැනීමට සමත්වෙලා තියනවා. මේ ටිකම හොඳටම ප්‍රමාණවත් මේක කොයිතරම් නම් අපූරූ සුන්දර චිත්‍රපටියක්ද කියලා ඔළුවෙන් ලස්සන චිත්‍රයක් ඇඳගන්න. ඇත්තටම මේ චිත්‍රපටිය බලද්දි මම මගේ ළමා කාලයට නැවත ගියා. උදේට ඉස්කෝලේ යනකොට නැඟිටනකොට තිබුන යුද්ධේ, යාළුවෝ එක්ක රණ්ඩු කරගත්තු, ගහගත්තු, සෙල්ලම් කරපු හැමදේම හරිම සුන්දරව නැවත මගේ මතකයට ආවා. ගැනු ළමයි සම්බන්ධ දේවලුත් ආවා. හැබැයි මේ චිත්‍රපටියේ තරම් නම් හදවත උණුවෙන, දුරදිග ගිය දේවල් නම් වුනේ නෑ. තාමත් අමතක කරන්නම බැරි කෙනෙක් නම් හිටියේ 1 වසරේ.

හරි, එහෙනම් මම කතාව ගැන කෙටියෙන් කියන්නම් වැඩිය spoil නොකර,
ජේබ්, බැන්කොක් වල වැඩ කරන තරුණ වයසේ කඩවසම් කොල්ලෙක්. දවසක් ජේබ්ගේ අම්මා දුරකථන ඇමතුමකින් ජේබ්ට දෙයක් කියනවා. මේත් එක්ක ගෙදරින් දුරස්වෙලා නගරේ රස්සාව කරන ජේබ් ගෙදර එනවා. ජේබ්ගේ තාත්තා කරණවෑමියෙක්, අම්මා ටිකක් වස ගෙදර ගෘහනියක්. ආයේ තමන්ගේ ගමට එනවත් එක්ක මේ කොල්ලට තමන්ගේ පුංචී ළමා කාලය ගැන හරිම සුන්දර මතකයන් සිහියට එනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ… නොයි නා කියන්නේ මේ ජේබ්ගේ පුංචී කාලේ හොඳම මිතුරිය. නොයි නා ලස්සන හුරුබුහුටි විසේකාර කෙල්ලෙක්. ඒකට ජේබ්… හා පැටියෙක් වගේ හරිම අහිංසකයි. වෙලාවකට මුව පැටියෙක් වගේ, ඔහේ බලාන් ඉන්නවා. දෙන්නා නිතර එකටමයි ඉන්නේ, දුවන්නේ පනින්නේ සෙල්ලම් කරන්නේ, ඉස්කෝලේ යන්නේ හැමදේම එකට. මේ හේතුව නිසාම ජේබ්ගේ ඉස්කෝලේ යාළුවෝ නිතර මිනිහට කෙනෙහිලිකම් විහිළු තහලු වගේ දේවල් කරනවා කෙල්ලෙක් එක්ක ඉන්න හින්දා. මේ කාරණා නිසා ජේබ්ට ගමේවත් ඉස්කෝලෙවත් කිසිම පිරිමි යාළුවෙක් හිටියේ නෑ. සෙල්ලම් කරන්න හිටියේ නොයි නයි එයාගේ ගැහැණු යාළුවෝ ටිකකුයි. දවසක් ජේබ් තමන්ට ඉන්න මේ හොඳම එකම යාළුවා එහෙමත් නැත්තම් යාළුවෙකුටත් වඩා එහා ගිය සම්බන්ධයක් තියන මේ සුන්දර නොයි නට කරන එක නොහොබිනා වැඩක් නිසා නොයි නගේ හිත හොඳටම පෑරෙනවා. මේ නිසා කෙල්ල ඇස් දෙකත් රතු කරගෙන කඳුලුත් පුරවන් ජේබ් දිහා දැඩි කලකිරීමකින් මොහොතක් බලාගෙන ඉන්නවා. දෙදෙනාගේම ජීවිත වල තීරණාත්මක හා සංවේදීම මොහොත ලියවැන්නේ මෙතැන් සිටයි.

තවත් කතාව මම ඔයාලට කියන්න යන්නේ නෑ. මේක අනිවාර්-යෙන්ම බලන්න. මඟ ඇරගන්න එපා. මම හිතනවා අපි හැමෝටම child-hood love එකක් ජීවිතේ කොතනැකදි හරි තියෙන්න ඇති කියලා. එයාලව අපිට අමතක කරන්න හරිම ලේසියි, ඒ වුනත් ඒ මතකය අපේ ඔලු වල මැකෙන්නේ නැතුව සදාකාලිව සුන්දරව තියනවා. මේ චිත්‍රපටියෙන් ඒ බව උපරිමයෙන්ම බොහොම අපූරුවට අපිට පෙන්වනවා.

Subtiltes By

UD Shehan

(Baiscopelk)

IMDb Rating 8 2,303 votes
My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Mr. Local (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Is Bliing (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Neelavelicham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Diary of a Wimpy Kid: Dog Days (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maboroshi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published